ලෝක ළමා-වැඩිහිටි දිනයට සත්ත්වෝද්‍යාන නොමිලේ බලන්න ඉඩ | දිනමිණ

ලෝක ළමා-වැඩිහිටි දිනයට සත්ත්වෝද්‍යාන නොමිලේ බලන්න ඉඩ

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදෙන ඔක්තෝබර් 01 දා දෙහිවල සත්ත්වෝද්‍යානය හා එයට අනුබද්ධ සත්ත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව වයස අවුරුදු 12න් පහළ දරුවන් සහ අවුරුදු 60ට ඉහළ වැඩිහිටියන්ට එදින උදේ 8.30 සිට සවස 5.00 දක්වා දෙහිවල සත්ත්වෝද්‍යානය මෙන්ම පින්නවල සත්ත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය සහ සෆාරි උද්‍යානයද ළමයින්ට සහ වැඩිහිටියන්ට නොමිලේ නැරැඹීමට අවස්ථාව උදාවේ.

ළමයින් වෙනුවෙන්ම සංවිධාන කළ විශේෂාංග රැසක් මෙදින එම සත්ත්වෝද්‍යාන තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික දැනුම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණය පිළිබඳ ආකල්ප, හැකියා වර්ධනය කිරීම, විනෝදාස්වාදය දීම පෙරදැරිව මේ වැඩසටහන් ළමා දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වන බවද ඒ මහතා කියයි.

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න