අනාගත ක්‍රිකට් තරු සොයා යන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට‘ වැඩසටහනේ පළමු අදියරේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ දක්ෂයන් හඳුනා ගැනීමේ අවසන් දිනය අද ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්කඩුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩ සටහනින් දක්ෂයන් රැසක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ජාතික තලයට ගෙන ඒම අදියරෙන් අදියර සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත. තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේෂණය මේ වැඩසටහනින් සිදු කෙරේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් ආවරණය වන පරිදි මේ වැඩසටහන සතියක් පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබූ අතර, ඒ සඳහා උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමයේ හා පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සහයෝගය ලැබිණි.
ක්‍රිකට් ගමට වැඩ සටහන වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෙවනගල විදුහල් ක්‍රීඩාංගණයේදී, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල විලයාය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විජිත මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩඩ්ලි සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදිරිගිරිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී හා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබුණි.
නව අදහස දක්වන්න