අද සිට 25 දක්වා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි | දිනමිණ

අද සිට 25 දක්වා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි

විදුලි කප්පාදු කාලසීමාව අද (23) සිට 25 දක්වා පැය 2 විනාඩි 20ක් දක්වා දීර්ඝ කෙරිණි.

දහවල් කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20ක් ද වශයෙන් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම කීය. ඊයේ (22) සිට පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටිය ද මහජන උපයෝගිතා කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පැරණි ලක්ෂපාන බලාගාරය සහ වෙස්ට්කෝස් බලාගාරය අක්‍රියව තිබීම සහ විදුලි ඉල්ලුම ඉහළ යෑම යන කරුණු මත විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම අනුව විදුලි කප්පාදු කාලසීමාව ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසර ඊයේ රාත්‍රියේ අවසර දුන්නේය.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න