Friday, සැප්තැම්බර් 23, 2022 - 01:00
රටේ පවතින තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පෙරේදා (21) කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි බැහැ දැක තිබේ.
තානාපතිනිය ඇතුළු නියෝජිත පිරිස පෙරේදා (21) පස්වරුවේ වාද්දුවේ දී අනුනාහිමියන් බැහැ දැක රටේ දැනට පවතින තත්ත්වය හමුවේ ඉදිරි සංවර්ධනය උදෙසා ආගමික නායකයන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් විමසූ බව අනුනාහිමියෝ පැවසූහ.
මෙහිදී බුද්ධ ප්‍රතිමාවක් සහ ඉංග්‍රීසි බසින් ලියන ලද බුද්ධ ධර්ම කරුණු ඇතුළත් ග්‍රන්ථයක් ද අනුනාහිමියන් තානාපතිනිය වෙත පිළිගැන්වූහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක
නව අදහස දක්වන්න