මහීෂ් තීක්ෂණ ඉහළ නඟියි | දිනමිණ

මහීෂ් තීක්ෂණ ඉහළ නඟියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ දර්ශකය අනුව විස්සයි 20 පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට මහීෂ් තීක්ෂණ සමත් වෙයි. ඔහු මෙතෙක් අයිසීසී ශ්‍රේණීගත කිරීමේ 8 වැනි ස්ථානයේ පසුවූ අතර, නිමාවූ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දස්කම් අනුව පියවරක් ඉදිරියට පැමිණ ඇත. මහීෂ් ඉහළ නඟිද්දී ඉන්දීය ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් අයිසීසී ශ්‍රේණිගත කිරීමේ පියවර දෙකක් පසුපසට ගොස් 9 වැනි ස්ථානයට වැටී තිබේ.

නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම අනුව විස්සයි 20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය රැක ගැනීමට වනිඳු හසරංග සමත්වී සිටී. වනිඳු විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 4 වැනි ස්ථානයේ සිටින අතර, පැතුම් නිශ්ශංක විස්සයි 20 පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයේ සිටී. විස්සයි 20 පිතිකරුවන් අතර මුල්තැන පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන්, පන්දු යැවීමේ පළමු ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජොස් හෙස්ල්වුඩ් හා තුන් ඉරියව් දක්ෂතා අතර බංග්ලාදේශයේ සකීබ් අල් හසන් පෙරමුණේ සිටිති.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න