සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි
වඳුරුපැපොල වයිරසය රට පුරා ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් මතු වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වයිරසය දැනටමත් අමෙරිකාවේ 6,600ක් ගොදුරු කරගෙන ඇති අතර, මහජන සෞඛ්‍ය විශේෂඥවරුන්ගෙන් සහ සෞඛ්‍ය අංශයේ සෙසු ක්‍රියාකාරීන්ගෙන් දැඩි පීඩනයක් ජනාධිපති ජෝ බයිඩ්න්ට එල්ල වීම හේතුවෙන් රජයට මේ තීරණය ගැනීමට සිදු වී ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය ලේකම් ක්ෂේවියර බෙකේරා මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ අතර, 2001 වසරේ සිට එවැනි ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ පස්වැනි වරටය.
මේ ඉතා භයානක වයිරසයක් ලෙස සලකන ලෙසත්, එය මැඬලීමට රජයට සහය වෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත. වාර්තා වන රෝගින්ගෙන් හතරෙන් පංගුවක් නිව්යෝක් නුවරින් හඳුනාගෙන ඇති අතර, කැලිෆෝනියා සහ ඉලිනොයිස් ප්‍රාන්තවලින්ද සැලකිය යුතු මට්ටමෙන් රෝගීන් හමු වී ඇත.
නව අදහස දක්වන්න