පුත්තලමේ ලංගම හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මඟීන් දැඩි අසීරුවට පත්වි ඇති බව මඟීහු පවසති. මේ තත්ත්වයට මුහුණදී ඇත්තේ පුත්තලම සිට කුරුණෑගල, ආණමඩුව, කල්පිටිය, හලාවත වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශවලට එදිනෙදා කටයුතුවලට පැමිණෙන මඟී ජනතාවය.
මෙයට හේතු වී ඇත්තේ පුත්තලම ලංගම ඩිපෝව සතු බස් රථ සඳහා ඩිසල් ඇතත් බස් රථ ධාවනය කිරීමට ටයර් නොමැති වීමය. ලංගම ඩිපෝවේ බස් රථ 56ක් තිබුණත් එයින් අඩක්ම ටයර් ගෙවියාමත් සමඟ ධාවනයෙන් ඉවත් කර ඇති බව ලංගම ආරංචි මාර්ගවලින් සනාථ වෙයි.
ඒ සමඟම පුත්තලමේ සිට ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ධාවනයට ඩිසල් නොමැති වීම මත එම බස් රථ අඩකටත් වඩා ධාවනයෙන් ඉවත් කර ඇති බව කියයි. මේ සියල්ල හමුවේ පාසල් සිසුන් හා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින් සේම වෙනත් කටයුතු සඳහා ගමන් ගන්නා මඟීන්ද අසීරුවෙන් බස් රථවල ගමන් ගන්නේ ජීවිත අවදානමක් එක් කරමිනි.
පුත්තලම විශේෂ ජේ.ඒ.එච්.පී. ජයසිංහ
නව අදහස දක්වන්න