අනිවාර්යයෙන්ම මුව ආවරණ පලඳින්න | දිනමිණ

අනිවාර්යයෙන්ම මුව ආවරණ පලඳින්න

සන්ධ්‍යා කරුණාරත්න

- විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා 'දිනමිණ'ට ඊයේ (24) ප්‍රකාශ කළේ ය.

රටේ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොවිඩ් රෝගය ජනතාවගෙන් දුරස්ව ඇති බවත් එහෙත් නොදැනුවත්වම මේ වයිරසය මේ වන විට සමාජයෙන් නැවතත් හිස ඔසවමින් තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසය ගැන ජනතාවට අමතක වීමත් සමඟ මුව ආවරණ පැළඳීම ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇතැයි ද, එය අවදානම් සාධකයක් යැයි ද හෙතෙම පැවසීය.

 

නව අදහස දක්වන්න