වසර මිලියන 100ක් පැරණී ඩයිනෝසර පා සටහනක් චීනයේ අවන්හලකින් සොයා ගත් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ලෙෂාන් නගරයේ පිහිටි අවන්හලක එළිමහන් ස්ථානයක එම පා සටහන තිබූ බවත්, එය ක්‍රිටේෂියස් මුල් යුගයට අයත් ඩයිනෝසර පා සටහනක් බවට තහවුරු වී ඇති බවත් චීනයේ භූ විද්‍යා විශ්වවිද්‍යාලයේ පාෂාණ විද්‍යඥ සහ සහකාර මහාචාර්ය ලිඩා ෂියැං ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පැය 48ක් ඇතුළත එම ස්ථානයට ගොස් ඇති මහාචාර්යවරිය ඇතුළු කණ්ඩායම ත්‍රිමාණ ස්කෑනරයක් භාවිත කරමින් කරුණු විශ්ලේෂණය කර ඇත. ඒ අනුව එම පා සටහන දිගු ගෙල සහ වලිග සහිත ලොව විශාලතම ඩයිනෝසර් වර්ගය වන සෞරොපොඩ්ස් ඩයිනෝසරයකුගේ පා සටහනක් බවට අනුමාන කර තිබේ. දිගින් අඩි 26ක් පමණ වන මේ ඩයිනෝසර වර්ගය වසර මිලියන සියයකට පෙර මෙලොව ජීවත් වූ සත්ව විශේෂයක් බවට වාර්තා වේ.
නව අදහස දක්වන්න