පෑන් ඒෂියා බැංකුවේ ජාඇල ශාඛාව පසුගියදා (20) සුබ මොහොතින් අංක 206, කොළඹ පාර, වැලිගම්පිටිය, ජාඇළ පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස් .බී. රන්ගමුව මහතාත්, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නලීන් එදිරිසිංහ මහතා ද සහභාගි වූහ. එසේම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද ව්‍යාපාර ප්‍රජාව හා අනිකුත් ගනුදෙනුකරුවෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය බැංකුවක් ලෙස සිය නව්‍ය සේවා ජාඇළ ප්‍රදේශයේ ජනතාවට වඩා කාර්යක්ෂමව දීම සඳහා ජාඇළ ශාඛාව වඩා සුවපහසු ස්ථානයක විවෘත කිරීමට ලැබීම පිළිබඳ ඉතා සතුටට පත් වන බව පෑන් ඒෂියා බැංකුවේ සභාපති රන්ගමුව මහතා විවෘත කිරීමේ උත්සවය අමතමින් පැවසීය. ශ්‍රී ලාංකික ජන ජීවිතයේ සුවිශේෂි ගුණාංග මනාව හඳුනාගෙන, ඒවාට ගැළපෙන අයුරින් සිය ව්‍යාපාර සංකල්පය ගොඩනැඟීම සැබවින්ම ශ්‍රී ලාංකික පෑන් ඒෂියා බැංකුවේ සාර්ථකත්වයේ රහස බව ද ඒ මහතා පැවසීය. ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම්, ලීසිං පහසුකම් හා විශේෂ ණය පහසුකම් ඇතුළු ඉතා විශාල පරාසයක් තුළ සිය සේවා දෙන පෑන් ඒෂියා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත/ ව්‍යාපාර ඇතුළු පොදුවේ ව්‍යාපාර ක්ෂේත්‍රයටම විශේෂ බැංකු සේවා රැසක් ද සපයයි.
නව අදහස දක්වන්න