Saturday, ජුනි 25, 2022 - 22:00
අධ්‍යාපන අමාත්‍යාංශය අද(25) පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබන සතියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය සතියේ නොපැවැත් වූ කොළඹ හා නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේ දින තුනක් විවෘත කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේ අඟහරුවාදා (28), බදාදා (29) සහ බ්‍රහස්පතින්දා (30) පෙරවරු 7.30 සිට පස්වරු 01.30 දක්වා පැවැත්වේ.
මෙම පාසල්වල ද ප්‍රාථමික අංශ පැවැත්වෙන දින ගණන තීරණය කිරීමේ බලය ඇත්තේ විදුහල්පතිවරයාටය.
ඉකුත් සතියේ ග්‍රාමීය පාසැල් පැවැත්වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතා නොපවතීනම් එම පාසැල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතුය.
ඒවායෙහි ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටීනම් විදුහල්පතිවරයා විසින් ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර, නම්‍යශීලී කාලසටහන් සකස්කල යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. නාගරික ප්‍රදේශවල සිසුන් පාසලට නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම්, වැඩ පැවරුම් හෝ නිවෙස් පාදක ක්‍රියාකාරකම් මගින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය උපදෙස් දී ඇත. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු දින ලෙස නොසැලකීමට ක්‍රියාකෙරෙනු ඇත.
ප්‍රවාහන දුෂ්කරතා මාධ්‍යයේ ඉකුත් සතියෙ පාසැල් කටයුතු පවත්වාගෙන යාමට දායකත්වය දැක්වූ සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ප්‍රණාමය පළකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව නාගරික නොවන ප්‍රදේශවල අනෙකුත් පාසල් දින 5ම සාමාන්‍ය පරිදි විවෘතව තැබෙනු ඇත.
නව අදහස දක්වන්න