දශක දෙකකට පසු තුර්කියේ පාරිභෝගික මිල ගණන් 70%කින් ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ආහාර මිල, ගෘහාශ්‍රිත භාණ්ඩ වාර්ෂික උද්ධමනය ඉහළ දැමීමට තරම් ප්‍රබල තත්ත්වයකට වැටී ඇති අතර, එරට ප්‍රවාහන වියදම දෙගුණයකින් වැඩි වී ඇතැයි වාර්තා වේ.
ලොව පුරා වර්ධනය වෙමින් පවතින ජීවන වියදම් අර්බුදයත් සමඟ මේ තත්ත්වය උද්ගත වී ඇති අතර, පොලී අනුපාතය ඉහළ දැමීමට එරට ජනාධිපතිවරයා අකැමැති වීමෙන් මේ අර්බුදය උත්සන්න වී ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. තුර්කියේ ලීරා මුදල් ඒකකයේ අගය කඩා වැටීමකට ලක් නොවීමෙන් වළක්වා ගැනීමට තුර්කි රජය දැඩි උත්සාහයක නිරතව සිටින බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
නව අදහස දක්වන්න