විශේෂඥ වෛද්‍යවරු සහ විද්වත්හු පවසති
මහජන ආරක්ෂාව හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ ඔහුට ප්‍රතිකාර නොකිරීමෙන් වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් සහ විද්වත්හු පවසති.
පසුගිය හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම විමතියට කරණුක් බවත් එය අමු අමුවේ වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවත් පවසති. ඔවුන් මේ බව කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසීමකට පිළිතුරු දෙමිණි.
ශ්‍රී ලංකාව යනු ප්රභාකරන්ගේ ගෝලයන් අපිට වෙඩි තබන බව දැන දැනම පණ අදින එල්ටීටීඊ සොල්දාදුවන්ට පවා ප්‍රතිකාර කළ රටක් බව ඒ සම්බ්නධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.
අපේ රටේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර වශයෙන් අගැයීමට පාත්‍ර වී ඇති බව අවධාරණය කළ ඒ මහතා මහාචාර්ය රනිල් ජයවර්ධන වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් වෛද්‍ය ආචාරධර්ම අමු අමුවේම උල්ංඝනය වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
සුභාෂිණී සේනානායක
නව අදහස දක්වන්න