Saturday, මාර්තු 26, 2022 - 01:00
අඳුරේම මඟ බලමි
පහන් එළි නිවී ඇත දෙපස
සඳ තරු නිහඬ අමාවක රැයකි එය
මෙතෙක් කල් නුඹ
ප්‍රදීපාගාරයක් වී සුවඳ සැලුවා
ඒ්ත් අද සඳ රාහු ගිල ගන්නවා දැක ගතමි
දැන ගතිමි තව දෙයක්
පුර හදේ අවපසක් ඇතිය කියා
රෝස මල් සොහොන් කොත්වලත් පිපෙනු ඇතිය කියා
පර වී වැටුනද මල් රේණු
දිරා නොයන බව පොළො ගැබ පුරා
නිතර නැතිවත් ඉඟි බිගි පාන බව ඉඳහිටක
ඉතින් අවසරයි හිතේ තබා ගෙන
ඒ් සොඳුරු මතකයට පෙම් කරන්නට
සදහටම
සංජය ප්‍රියදර්ශන
නව අදහස දක්වන්න