මේ කාලෙට ඕන තරම් හොයාගන්න පුළුවන් අනිත් මිනිස්සු කරන කියන දේ ගැන ඔළුවට දාගෙන ඒකට තවත් දේවල් එකතු කරල තවත් රසවත් කතාවක් හදලා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරල එන views වලින් වැඩිම වටිනාකමක් අරන් සාක්කුවට සල්ලි දාගන්න අයව. අතිශය පුද්ගලික කාරණා ගැන අදාළ මිනිස්සුන්ට වඩා හොයන කිසිම අදහසක් නැති, තමන්ටත් ඉන්න ලෝකෙට වැඩක් නැති, ජීවිත ගත කරන ආදර්ශවත් කියල හිතාගෙන ඉන්න ජීවිතෙ අඩුම ගානෙ තමන්ගේ ඇත්ත ස්වරූපය එළියට දාගන්න බැරි පිරිසක් ඉන්නව කියල ඔය අතේ තියෙන දුරකතනය හරියට කියවගත්තු අයට තේරෙනව ඇති.
විවේචනය විය යුතු දේ එසේ ම තිබිය දී කිසිම වටිනාකමක් නැති දෙයක් අල්ලගෙන අලුතින් ලේබල් කරන්න උත්සාහ කරනකොට සමාජයකට එය මුදාහරින බවත් දැන දැනත් නැවත එයම වීම ම සාමාන්‍යකරණය වෙලා.
තමන් පොරක් කියල පෙන්වීම උදෙසා ඕනම දෙයක් දෙපාරක් හිතන්නේ නැතුව අඩුම ගානෙ තමන්ගේ භූමිකාව හඳුනගන්නෙ නැතුව දෙයක් කරන්න ගියාම ඒ මිනිස්සු දන්නෙ නැහැ කාට කොහොමද මේ දේ බලපානවද නැද්ද කියල. තමන්ගේ අතේ දහසකුත් දේ සම්පූර්ණ කරගන්න තියාගෙන අනිත් අය විවේචනය කරන්න කාලෙ කැප කරන්න ගියාම තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් අමතක කරන්න වෙන ඉඩකඩ වැඩියි. විවේචනය ආත්ම තෘප්තිය කරගෙන ඉන්න පුළුවන් නම් ඒ මිනිස්සු මේ පොළොවටත් බරක්. වාසියක් ඇති තැනක ඉඳන් අවාසි ගේන දේකට බැණ බැණ ඉදීමම සංවර්ධනය වෙන රටවල්වල මිනිස්සුන්ට පුරුද්දක් වෙලා. ඉපදුණු දවසෙ ඉඳන් සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට පත්වෙලා ඉන්නෙ ආකල්ප ටික හදාගෙන තමන්ගේ ජීවිතය විවේචනයට ලක් නොකරන අනුන්ව විවේචනය කර කර කාලෙ කා දැමීමේ ප්‍රතිඵලයක් විදියට කියල පහුගිය සිද්ධි ගණනාවක් හොඳින් බැලුවොත් ඔබටත් පෙනේවි.
මේ විවේචනය කරන අය අතරෙ මෙහෙම අයත් ඉන්නව. වෙලාවකට හිතෙනවා ඇයි අපි ඉපදුනේ කියලා. තවත් වෙලාවකට හිතෙනවා ජීවත් වෙන්න ඕන ඉපදුණු නිසා කියලා, කොහොම හරි දැන් අපි ජීවත් වෙනවා. ඇත්තටම අපි ජීවත් වෙනව ද? නැද්ද? කියලා තමන් ම හිතල බැලුවොත් මැරි මැරී ජීවත් වෙනවා කියලා කියන ප්‍රමාණය වැඩියි. මොකද තමන් හිතන්නේ ලෝකෙ තියෙන ඔක්කොම කරදර තමන්ගේ ඔළුව උඩ තියෙනවා කියන හැඟීමක් මේ අය හිතේ තියාගෙන ජීවත් වෙන නිසයි. ඔය මිනිස්සු තනිවම ජීවත් වෙන්න බලන්නෙ බොහෝ දුරට ඔය සියලුම කරදර නැති තැන එතන කියලා හිතාගෙන. ඒත් එහෙම හිටියත් ප්‍රශ්න තියෙන මිනිස්සු කී දාහක් ඉන්නවද? ඒ තමන්ගේ ප්‍රශ්න නෙවෙයි අනික් අයගෙ ප්‍රශ්න එක්ක. උදාහරණ නම් ඕන තරමට. දැන් ජීවත්වීම සම්බන්ධයෙන් තියෙන එකම දේ සල්ලි තියන එක තමයි ජීවිතෙ කියලා හිතන් ඉන්න මිනිස්සු අර විවේචනයට ලක් කරන මිනිස්සුන්ට තියෙන දේවල් ගැන කියව කියව ඉන්න එක. විවේචනයට ලක් කරපු මිනිස්සු සමහරවිට ඔයාට වඩා කොච්චර දියුණු ද බලන්න. ඒක තමයි. ඔය විවේචනය අතරෙ අනික් අයගේ theory එක මොකක් ද කියල බැලුව ද? කොටින්ම කිව්වොත් තමන්ගේ theory එක පාවිච්චි කරල ජීවත් වෙන්න බලන මිනිස්සු ඉන්නෙ අතේ ඇඟිලි ගාණට. follow කරන්න ඒක වැරැද්දක් නෙවෙයි. ඒත් තමන්ගේ theory එකක් හදාගන්න. ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි. try එකක් දෙන්න frame එකෙන් එළියට ඇවිත් බලන්න. target තියාගන්න theory එක එක්ක වැඩ කරන්න. ගල් මුල් එයි තවත්. ඒත් theory එක ඔළුවට ගන්න. එතකොට ඔක්කොම විවේචනය නොකර ඔයාගෙ ගමන යන්න පුළුවන් වෙයි.
"ඒකාන්ත විශ්වාසයෙන් ම මට උඹට එක දෙයක් කිව්වැකි. ජීවිතෙ හරිම දිගයි නැත්නම් හරි ම කෙටියි, කියලා උඹට පේන්නෙ උඹ ඒ ජීවිතෙ ගෙවන ආකාරය අනුවයි ."
- යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය - පවුලෝ කොයියෝ
ඔව්. ඒක තමයි ඔබයි ඔබේ ජීවිතයේ අයිතිකරු, ඔබයි ඔබේ ජීවිතය විවේචනය කළ යුත්තේ.
ඉෂාන්ති අමරසිංහ
නව අදහස දක්වන්න