මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදු පතුලේ තැන්පත් ව ඇති බාහාලුම් ඉවත් කර ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් එම කටයුතු තවත් විදේශිය සමාගම් දෙකක් වෙත පවරා ඇති බවත් මේ වනවිට සියයට සියයක් මුහුදු පත්ලේ ගිලී ඇති නෞකාවෙන් සමුද්‍රයට වැටුණු බහාලුම් ගොඩ ගැනීම ආරම්භ කර ඇති බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
මේ වනවිට මුහුදු පත්ලේ විසුරුණු බහාලුම් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකානු සමාගමකට පවරා සමාගම සම්පුර්ණයෙන් සාගර පත්ලේ පරික්ෂණයක් කරලා අදාළ සිද්ධිය වූ ස්ථානයේ සම්පූර්ණ සමීක්ෂණයකින් පසුව මුහුදු පත්ලේ ඇති කන්ටේනර් නැතිනම් අපද්‍රව්‍ය විශාල හා කුඩා අපද්‍රව්‍ය ලෙස අපද්‍රව්‍ය 400කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන බවත් කියා සිටි සභාපතිනිය මේ වන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දෙදෙනෙක් නෞකාව මතට ගිහිල්ලා මෙම කටයුත්ත පුර්ණ කාලිනව අධික්ෂණය කිරීමට යොදවා ඇති බවත් කියා සිටියාය.
මේ සඳහා MMP ක්‍රිස්ටේජ් කියන විශාල නෞකාවක් මේ වන රටේ සාගර කලාපයට පැමිණ තිබෙන බවත් කියා සිටි සභාපතිනිය අබලි නෞකාව ඉවත් කර ගැනීම සඳහා ෂැන්හයි සැල්වේජ් සමාගමට ඔවුන් ඒ කටයුත්ත භාරදී ඇති බවත් කියා සිටි අතර ඔවුන් මේ මස 19 වන දින වනවිට අපේ සාගර කලාපයට පැමිණීමට නියමිත බවත් කියා සිටියාය.
(සුභාෂිණී සේනානායක සහ උපාලි කරුණාරත්න )
නව අදහස දක්වන්න