අනුමත එන්නත් ඔමික්‍රෝන්වලටත් ඔට්ටුයි | දිනමිණ

අනුමත එන්නත් ඔමික්‍රෝන්වලටත් ඔට්ටුයි

ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ් මර්දනය සඳහා පවතින එන්නත් භාවිතයෙන් ඔමික්‍රෝන් වයිරසයෙන්ද ආරක්ෂා වීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

කොවිඩ් සෙසු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයට එන්නත මඟහැර යා හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් මහතා ප්‍රකාශ කර ඇත.

ඔමික්‍රෝන් නව ප්‍රභේදයට ෆයිසර් එන්නත මඟින් දෙන ප්‍රතිශක්තිකරණය අර්ධ වශයෙන් මඟහැර යා හැකි බව දකුණු අප්‍රිකාවේ කළ සායනික පරීක්ෂණවලින් හෙළිව ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න