තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප හුවමාරු කරගන්නා ස්වාමියා,පෙම්වතා හෝ පුද්ගලයා තමන් සමග විශ්වාසය තහවුරු කරගත්තකු ද යන්න ගැනවත් විමසිලිමත් වන්නේ නම් බොහෝ අකටයුතුකම්වලින් බේරීමට හැකියාව තරුණියන්ට ඇත. එමෙන්ම තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික ඡායාරූප ඇත්නම් එය වෙනකකු අතට පත්වීම වළක්වා ගත යුතුවා සේම ජංගම දුරකථනය වෙනකෙකුට විවෘත කළ නොහැකි ආකාරයෙන් මුරපද යොදා තිබීම ද වැදගත් වනවා ඇත.
අන්තර්ජාලය හරහා සිදුකරන කප්පම් ගැනීම, මූල්‍ය වංචා ඇතුළු අපරාධ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පසුගිය ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි.
අන්තර්ජාලය උපයෝගී කරගනිමින් සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳ ආසන්නතම පුවතක් වාර්තා වූයේ කුරුණැගලිනි.
ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක සැමරුම් සදහා ලොතරැයි ඇදීමෙන් ත්‍යාග ලෙස නවීන ඉතා වටිනා මෝටර් රථයක් ලබා දෙන බවට අන්තර්ජාලයේ ව්‍යාජ දැන්වීම් පළ කරවා ඒවා උපයෝගී කරගෙන ජනතාව රවටා කෝටි ගණනක මූල්‍ය වංචාවක තොරතුරු හෙළිකර ගැනීමට කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වූයේ පසුගිය ජුලි මාසයේ දීය. සුප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක 2020 වසරේ නිෂ්පාදිත රුපියල් දෙකෝටියකට වඩා වටිනා සුපිරි මෝටර් රථයක් අහඹු ලෙස කරන දිනුම් ඇදීමකින් ශ්‍රී ලාංකිකයකුට ලබා දෙන බවට පවසමින් මුහුණු පොතේ පළ වූ දැන්වීමකට ප්‍රතිචාර දක්වමින් ඉහත වංචාකරුවන්ට අදාළ මෝටර් රථය මෙරට ගෙන්වා ගැනීමට මුදල් ලබා දී එම වංචාකරුවන්ට ගොදුරු වූ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඉහත අන්තර්ජාලය හරහා සිදුකරන ලද මූල්‍ය වංචාව සොයා ගැනීමට කුරුණෑගල කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය සමත්ව තිබිණි.
ශ්‍රී ලංකාවේ ද රජයේ ආයතන කිහිපයකම නිල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළ් වී ඒවායේ ඇති දත්ත විනාශ කර මහත් කලබගෑනියක් කළ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එසේම ඉතාම මෑතක දී වාර්තා වුණු ආසන්නතම සිද්ධිය වන්නේ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අගෝස්තු 31 වන දා පෙරවරුවේ සහ පස්වරුවේ දී එල්ල වූ හැකර් ප්‍රහාරයන්ය.
එසේම සමාජ ජාලා ගිණුම් වෙත කඩා වැදී තොරතුරු සහ ඡායාරූප සොරාගෙන ඒවා අන්තර්ජාලයේ පළ කරන බවට පවසමින් කප්පම් ඉල්ලා හසුවන්නන් පිළිබද පුවත් ඕනෑතරම් එදිනෙදා පුවත්පත්වලින් හෙළි වෙමින් තිබේ.
එපමණක් නොව වර්තමානයේ ජංගම දුරකථනවල පිහිටුවා ඇති වට්ස්ඇප්, වීචැට්, වයිබර් වැනි සංවාද මෘදුකාංග හරහා හුවමාරු වන අතිශය පෞද්ගලික ඡායාරූප බාහිර පුද්ගලයන් අතට පත්වීම නිසා අපහසුතාවට, අතවරවලට, මෙන්ම කප්පම් ගෙවීමට සිදු වූ අවස්ථා බොහොමයක් පුවත්පත්වලින් මෙන්ම පෞද්ගලිකවද අනාවරණය වූ අවස්ථා එමටය.
පරිගණකය හරහා වෙනත් පුද්ගලයකුට සිදුවන හානියක් හෝ අවැඩක් නිර්වචනය කරන්නේ පරිගණක අපරාධයක් ලෙසය. මෙය තනි වචනයක් ලෙස අප පොදුවේ භාවිත කළත් අභ්‍යන්තරයෙන් ඇත්තේ ඊට වඩා පුළුල් අර්ථයකි.
අන්තර්ජාලය හරහා සිදුවන සෑම අනර්ථකාරී ක්‍රියාවක්ම නැතිනම් අනවසරයෙන් කඩා වැදී දත්ත සොරාගැනීම්, තර්ජන ගර්ජන, තොරතුරු විනාශ කිරීම්, යන ක්‍රියාකාරකම් සියල්ල පරිගණක අපරාධයක් ද යන්න තීරණය වන්නේ ඊට මුහුණදුන් පුද්ගලයා හෝ ආයතනය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අනුවය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් තමන්ට සිදු වූ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඊට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ වීමට කටයුතු කරන්නේ නම් එය "පරිගණක අපරාධයකි" (Crime). එසේ නොමැතිව තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් වූ හානිය විඳ දරා ගනිමින් මින් ඉදිරියට එවැනි සිදුවීමක් සිදුනොවීමට හැකි වන අයුරින් තම පරිගණකය හෝ පද්ධතිය ආරක්ෂා කර ගැනීම "සිදුවීමක්" (Incident) ලෙස ගැනේ. කෙසේ වෙතත් සරල ලෙස මෙය විග්‍රහ කළහොත් මෙරට තිබෙන නීතිය අනුව පරිගණකයට අනවසරයෙන් ඇතුළුවීම ම වරදකි. එහෙත් එය අපරාධයක් ද සිදුවීමක් ද යන්න තීරණය වන්නේ ඊට මුහුණදුන් පුද්ගලයා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අනුවය.
පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙනත් පරිගණකයකට අනවසරයෙන් ඇතුළුවීමට ඇති හේතු රාශියකි. වෙබ් අඩවියකට ඇතුළු වී එහි තොරතුරු අවුල් කිරීම හෝ වෙනස් කිරීම මගින් එම ආයතනයට හෝ පුද්ගලයා අපහසුතාවයට පත් කිරීම. වෙබ් අඩවි හරහා මහජන සේවා ලබාදෙන රජයේ හෝ පුද්ගලික ආයතනවල කටයුතු අඩාල කිරීම හෝ සේවා බිද වැට්ටීම් (Denial of Service Attack). පෞද්ගලික හෝ ආයතනවල පරිගණකවලට ඇතුළු වී වටිනා පෞද්ගලික හෝ ව්‍යාපාරික තොරතුරු, ගබඩා කර ඇති පෞද්ගලික ඊමේල් ලිපින සහ ගබඩා කර ඇති මුර පද සොරාගෙන වෙනත් අනර්ථකාරී ක්‍රියාවන්ට යොදා ගැනීම මෙන්ම විශාල මහජන සේවාවන් සපයන ආයතනවල වෙබ් අඩවිවලට හෝ පරිගණකවලට ඇතුළු වී එහි තොරතුරු විනාශ කිරීම හෝ අවුල් කිරීම හෝ වෙනස් කිරීම මගින් එම ආයතනය මෙන්ම රජය ද අපහසුතාවට පත් කිරීම සිදුවිය හැකිය. එසේම ෆේස්බුක් වැනි සමාජ ජාලාවලට ඇතුළු වී ඒවායේ ඇති තොරතුරු, ඡායාරූප ලබාගෙන ඒවා විකෘති කර අන්තර්ජාලයට මුදාහැරීම මෙන්ම තර්ජනය කර මුදල් ලබා ගැනීම ද සිදුවිය හැකිය. ඊට අමතරව දත්ත සොරා ගෙන වෙනත් තරගකාරී ආයතනවලට ලබා දී මුදල් ලබා ගැනීම මෙන්ම නිකරුණේ විනෝදයට ද වෙනත් පරිගණකවල වෙත කඩා වැදී තොරතුරු අවුල් කිරීම සිදු කළ හැකිය. පරිගණකය හරහා කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් හෝ අපරාධයක් කිරීමට අවශ්‍ය පුද්ගලයකු අප පරිගණකයට කඩා වැදී එය තමන්ට අවශ්‍ය අයුරින් හසුරවමින් අප පරිගණකය හරහා වෙනත් පරිගණකයට ඇතුළු වී සිය අවශ්‍යතා ඉටු කර ගන්නා අවස්ථාද තිබේ. එවිට අදාළ සිදුවීම සිදුවූ පුද්ගලයා හෝ ආයතනය මේ පිළිබඳ නීතිමය කටයුතු කරගෙන යාමේ දී ඔහුගේ පරිගණකයට කඩා වැදී ඇති පුද්ගලයා ලෙස හඳුනා ගන්නේ අප පරිගණකයයි. ඒ ඔහුගේ පරිගණකයට ඇතුළු වී ඇත්තේ අප පරිගණකයෙන් නිසා ය. අප නොදැනුවත්මවම සිදුවුවත් නීතිය ඉදිරියට යාමට සිදුවන්නේ අපටය.
අනවසරයෙන් පරිගණකයට ඇතුළු විය හැකි ක්‍රම ද රාශියකි. විශේෂයෙන්ම අනවසරයෙන් පරිගණකයකට ඇතුළුවීමේ ඉඩ ප්‍රස්ථාව ඇත්තේ අන්තර්ජාලය හරහා ය. එසේම මිතුරු වෙසින් පැමිණෙන වෛරස් ගොනු සහිත ඊමේල් ද අප ග්‍රහණය කර ගැනීමට සමත් ය.
පරිගණකයට අනවසර මෘදුකාංග ඇතුළුවීමේ තවත් මාර්ගයකි අන්තර්ජාල ක්‍රීඩාවල යෙදීම. විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාලවල ඇති ක්‍රීඩා අතරතුර වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකි යැයි පවසමින් පැමිණෙන විවිධාකාරයේ ලින්ක් හරහා ද අනවශ්‍ය කරදරවලට මුහුණදීමට සිදුවන මෘදුකාංග පරිගණයේ තැන්පත් වීමේ හැකියාව ඇත.
වෙනත් පරිගණකයකින් ගොනු පිටපත් කරගෙන පැමිණීමේදී ද (file copying through USB drives) දත්ත සොරා ගැනීමේ මෘදුකාංග, පරිගණක වෛරස ආදිය අපට නොදැනුවත්වම පැමිණිය හැකි තවත් මාර්ගයකි. එසේම අවිශ්වාසවන්ත වෙඩ් අඩවිවල සැරිසැරීම මගින් ද මෙවැනි ආකාරයේ මෘදුකාංග අප නොදැනුවත්වම පරිගණකයට ඇතුළු විය හැකිය.
අප පරිගණකයෙන් ණය පත් නැතිනම් ක්‍රෙඩිට් කාර්ඩ් (Credit Card) හරහා මුදල් ගණුදෙනු කරන්නේ නම් කිසිවිටකත් ක්‍රෙඩිට්කාඩ්පතට අදාළ මුරපද හෝ නාම වෙබ් අඩවියේ තැන්පත් වීමට (Save/Store) ඉඩ ලබා නොදිය යුතුය. එසේම අප භාවිතා කරන ඊමේල් ලිපින හෝ ගණුදෙනු පත්වල මුරපද ඊමේල් ලිපිවල ලියා නොතැබීමට වගබලා ගත යුතුවා සේම භාවිත කරන සෑම ඊමේල් ලිපිනයකම මුරපද එකිනෙකට වෙනස් ඒවා භාවිත කිරීමට ද වගබලා ගත යුතු වේ. විශේෂයෙන්ම ඊමේල් ලිපිනයකට මුරපද ලබාදීමේදී අකුරු, ඉලක්කම් සහ සලකුණු ඇතුළු කර කිසිවකුට අනුමාන කළ නොහැකි අයුරින් දිගු මුරපදයක් භාවිත කළ යුතුම වේ. එසේ නොවී එකම මුරපදය සෑම ඊමේල් ගිණුමකටම භාවිත කළහොත් එම මුරපදය සොයාගත් සැණින් අනෙක් සෑම ඊමේල් ගිණුමක්ම විවෘත කරගැනීමේ හැකියාව දත්ත සොරුන්ට හිමිවේ. සමාජ ජාලා වෙබ් අඩවිවල ගිණුම් හි මුරපද මේ අයුරින් සකසා ගැනීමට කටයුතු කිරීම තම තමන්ගේ ආරක්ෂාවට හොඳය.
ඒ ඒ වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ද තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීමට ඇති තවත් හොඳ මාර්ගයකි. නිදසුනක් ලෙස දක්වතොත් ජීමේල් ගිණුමට ඇතුළුවීමේ දී මේ පිවිසෙන්නේ නියම තැනැත්තා ද යන්න තෝරාබේරා ගැනීමට අදාළ ගිණුම් හිමියාගේ ජංගම දුරකථනයට කිසියම් අංකයක් (කේතයක්, code) කෙටි පණිවිඩයක් ලෙස ලැබේ. අදාළ ගිණුමට පිවිසෙන්නේ නියම තැනැත්තානම් අදාළ අංකය ජීමේල් ගිණුමට පිවිසීමේදී මුරපදයට අමතරව මෙම කේතය/ අංකය ඇතුළත් කළ යුතු වේ. එම අංකය නොමැතිව ජීමේල් ගිණුමට පිවිසිය නොහැකි වේ. මෙමගින් යම් පුද්ගලයෙක් තමන්ගේ මුරපදය දැනගත්තත් හෝ සොරාගත්තත් තමන්ගේ ඊමේල් ගිණුම ආරක්ෂා කරගත හැක .ෆේස්බුක් සමාජ ජාලයේ ද මෙවැනිම ආරක්ෂක ක්‍රමයක් භාවිත කරන අතර මෙරට සමහර වෙළෙද ආයතනද පාරිභෝගිකයන් තම ගිණුම්වලට ඇතුළුවීමේදී තහවුරු කර ගැනීම සදහා මෙවැනි ආරක්ෂණ ක්‍රමයක් භාවිත කෙරේ. එම නිසා තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු වන්නේ සුළු අතපසුවීමකින් බොහෝ දේ අහිමි විය හැකි බැවිනි.
යම් අවස්ථාවක තමන්ගේ ගිණුමක මුරපදය අමතක වූ හෝ වෙනයම් කෙනෙක් එය වෙනස් කර හෝ සොරාගත් අවස්ථාවක තමන්ගේ ගිණුම නැවත ලබා ගැනීමට, තිබෙන සැකසුම් (password recovery options, account recovery options) නිසි පරිදි සකසා ගැනීමත් කළ යුතුය. ඒ සදහා ආරක්ෂක ප්‍රශ්නයක් සහ පිළිතුරක් (security question and answer), තමන්ගේ දෙවන ඊ මේල් ගිණුමක් (alternate email account), ජංගම දුරකථන අංකය ආදී සැකසුම් යොදාගත හැක.
පොදුවේ භාවිත කරන පරිගණකවලින් මුරපද භාවිත කර පිවිසෙන වෙබ් අඩවිවලට නො පිවිසීමට වග බලා ගත යුතුය. විශේෂයෙන්ම ඉන්ටර්නෙට් කැෆේ භාවිත කරන්නෙක් නම් මේ බව තරයේ සිහියේ තබා ගත යුතුවේ. ඒ මන්දයත් රහස්‍ය හෝ විශ්වාසවන්ත කටයුතු සදහා අනාරක්ෂිතම ස්ථානයක් ඉන්ටර්නෙට් කැෆේ වන බැවිනි. බොහෝ දෙනා භාවිත කරන බැවින් අප ඇතුළත් කරන රහස්‍ය තොරතුරු ගබඩා කර ගැනීම සදහා මෘදුකාංග පිහිටුවා තිබිය හැකිය.
තාක්ෂණික ක්‍රමෝපායන් මගින් පරිගණකය දත්ත සොරුන්ගෙන් මෙන්ම වෛරස්වලින් ද බේරා ගැනීමට නම් නිතර යාවත්කාලීන වන වෛරස් ආරක්ෂණ පද්ධතියක් තිබිය යුතුම ය. ලෝකයේ ජනප්‍රියතම වෛරස් ආරක්ෂණ පද්ධතීන්වල නොමිලේ ලබාදෙන සංස්කරණ (Free Versions) ද නොමිලේ භාගත කිරීමට ලබාදෙන මුත් ඒවා පරිගණකය මුළුමණින්ම ආරක්ෂා වන්නේ නැත. නමුත් එදිනෙද අන්තර්ජාලයේ සිදුකරන කටයුතු කල්පනාකාරීව සිදුකරන්නේ නම් මෙම anti virus software වුවද ප්‍රමාණවත් වේ. තමන් අන්තර්ජාලයේ දී පරිස්සමින් කටයුතු නොකරන්නේ නම් උපරිම ආරක්ෂාව සඳහා මුදල් ගෙවා ඊට වැඩි කාර්යක්ෂමතාවකින් යුතු වෛරස් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගත හැක. එහෙත් ලෝකයේ හොඳම වෛරස් ආරක්ෂණ පද්ධතියෙන් පවා පරිගණකයක් සියයට සියයක් ආරක්ෂා නොවන බවත් සිහියේ තබාගත යුතුය. වෛරස් ආරක්ෂණ පද්ධතීන් ඉහළ මුදලක් වන බැවින් බොහෝ දෙනා වෛරස් ආරක්ෂණ පද්ධතීන් ද භාගත කරගන්නේ ටොරන්ට් හරහා ක්‍රැක් සොෆ්ට්වෙයාර් ලෙසිනි. මේ නිසා වෛරස් ආරක්ෂණ පද්ධතිය සමඟ ද අපට අනවශ්‍ය මෘදුකාංග පරිගණකයේ පිහිටුවීම සිදුවිය හැකිය. තම පරිගණකයේ වටිනා තොරතුරු ඇත්නම් සෑම විටම නියම මෘදුකාංග පරිගණකයේ පිහිටුවීමට වගබලා ගත යුතුය.
තාක්ෂණය මතම නො යැපී තම පරිගණක ආරක්ෂා කර ගැනීම මෙන්ම තමන්ද ආරක්ෂා වීමේ වගකීමක් පරිගණක පරිශීලකයන්ට (Check this word. Its wrong) ද ඇත. වෛරස් ආරක්ෂණ පද්ධතිය ස්වයංක්‍රීයව යාවත් කාලීන නොවේ නම් එය යාවත්කාලීන කර ගැනීම මෙන්ම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ඇති අඩුපාඩු මගහරවමින් පැමිණෙන මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම් සිදුකර ගැනීම ද කරගත යුතුය. එවිට මෙහෙයුම් පද්ධතිය අනාරක්ෂිත සිදුරුවලින් රිංගා පරිගණකයට ඇතුළුවීමට වෙනත් මෘදුකාංගවලට තිබෙන ඉඩ ප්‍රස්ථාව අවම වේ.
මීට කලකට ඉහත දී නම් පරිගණක මෙහෙයුම් පද්ධතියක මිල ඉතා ඉහළ අගයක් ගත්තද වර්තමානයේ අලුතින් පරිගණකයක් මිලදී ගැනීමේ දි ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් ලැබෙන නිසා එය නිසි පරිදි යාවත්කාලීන කිරීමට වගබලා ගත යුතුවා සේම අලුතින් පැමිණෙන මෙහෙයුම් පද්ධතීන් පිහිටුවා ගැනීමට උත්සාහ දැරීමේ දී වෙනස් කරන ලද මෙහෙයුම් පද්ධතීන් නැතිනම් පයිරටඩ් ඔපරේටින් සිස්ටම් කෙරෙහි විශ්වාසය නොතැබීමට ද වගබලා ගත යුතු වේ.
තමන්ට අවැසි මෘදුකාංග පරිගණකයේ පිහිටුවීමේ දී නියම මෘදුකාංග පිහිටුවා ගැනීමට ද කටයුතු කළ යුතු වේ. නියම මෘදුකාංග වෙනුවට අනවසර මෘදුකාංග සමඟ පැමිණෙන ක්‍රැක් ෆයිල් හරහා වෛරස් මෙන්ම පරිගණකවල දත්ත සොරාගැනීමට උඩගෙඩි දෙන මෘදුකාංග ද පරිගණකයේ පිහිටැවේ. ටොරන්ට් හි ඇති මෘදුකාංග සෑම එකක්ම වෛරස්වලින් ගහණ යැයි අනුමාන කළ නොහැකිය. ඒ අතර වෛරස් රහිත මෘදුකාංග ද තිබිය හැකිය. ඒ කෙසේ වෙතත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමේ සෑමවිටෙකම අවදානමක් ගෙන කළ යුතු වේ.
තවද ජංගම දුරකථනවලින් ලබා ගන්නා අතිශය පෞද්ගලික ඡායාරූප ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. ඒ සඳහාම නිර්මාණය වුණු ආරක්ෂක මෘදුකාංග නොමිලයේම භාගත කිරීමට අදාළ මෙහෙයුම් පද්ධතිවලට සහාය දක්වන ඇප්ස් ස්ටෝර් හි පහසුකම් සලසා තිබේ. එසේම තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප හුවමාරු කරගන්නා ස්වාමියා,පෙම්වතා හෝ පුද්ගලයා තමන් සමග විශ්වාසය තහවුරු කරගත්තකු ද යන්න ගැනවත් විමසිලිමත් වන්නේ නම් බොහෝ අකටයුතුකම්වලින් බේරීමට හැකියාව තරුණියන්ට ඇත. එමෙන්ම තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික ඡායාරූප ඇත්නම් එය වෙනකකු අතට පත්වීම වළක්වා ගත යුතුවා සේම ජංගම දුරකථනය වෙනකෙකුට විවෘත කළ නොහැකි ආකාරයෙන් මුරපද යොදා තිබීම ද වැදගත් වනවා ඇත.
කිසියම් අපරාධයකට පරිගණකයක් භාවිත කළ පළියට එය පරිගණක අපරාධයක් වන්නේ ද නැත. නිදසුනක් ලෙස දැක්වුවහොත් කිසියම් පුද්ගලයකුට ඊමේල් පණිවිඩයක් හරහා මරණ තර්ජනයක් කළහොත් එය පරිගණක අපරාධ පනත යටතේ නොව සාමාන්‍ය සිවිල් අපරාධ නීතිය යටතට ගැනේ. මෙහිදී පරිගණකය භාවිත කර ඇත්තේ තර්ජනය කිරීමේ මාධ්‍යයක් ලෙසය.
කිසිවකු පරිගණක අපරාධයකට ලක්වූවෙක් නම් එය නීතිය ඉදිරියට ගෙන යන්නේ ද නැතිනම් සිදුවූ හානිය තාක්ෂණික සහයක් ලබාගෙන නිවැරදි කරගන්නේ ද යන්න ගැන තීරණයකට එළැඹිය යුතුය. තමන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති පරිගණක අපරාධ සම්බන්ධ අංශයට පැමිණිලි කළ යුතු වේ. එසේත් නැතිනම් ‘පොලිස්පතිට කියන්න‘ (TELLIGP - http://www.telligp.police.lk/) වෙබ් අඩවියට පිවිස තම පැමිල්ල ඉදිරිපත් කළ හැකිය.
තමන්ට නීතිය ඉදිරියට නොගොස් මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට වගබලා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පිහිට පැතිය හැකිය (http://www. cert.gov.lk/). එම සංසදය පරිගණක හෝ අන්තර්ජාල හෝ සමාජ ජාලා හරහා මුහුණ දෙන ගැටලු විසදීමට සහාය ලබාදෙන අතර ඒවායේ රහසිගතභාවය රැක ගැනීමට ද බැදී සිටියි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT|CC) හිටපු තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සමග කරන ලද සාකච්ඡාවක් සහ අන්තර්ජාලයේ තොරතුරු ඇසුරිණි.
පී.කේ. බණ්ඩාර
නව අදහස දක්වන්න