කෑවොත් මැරෙන වැව්වොත් දිනන නිය­ඟලා | දිනමිණ

කෑවොත් මැරෙන වැව්වොත් දිනන නිය­ඟලා

සොබා­ද­හමේ චම­ත්කා­ර­ජ­නක දායා­ද­යක් වන නිය­ඟලා පිළි­බඳ කතාබහේදී බොහෝ දෙන­කුගේ සිහි­යට නැඟෙ­නුයේ මාර­න්තික විෂකි. එයට හේතුව අතී­තයේ බොහෝ දෙනා දිවි තොර කර ගැනී­මට නිය­ඟලා කෑ බව අප අසා තිබී­මය.

කෙසේ වෙතත් නිය­ඟලා යනු ආයු­ර්වේද වෙද­කමේ වටිනා ඔසු­වක් ලෙස භාවිත වී ඇති ශාක­යක් බව ද සිහි තබා ගත යුතු ය. ශ්‍රී ලංකාවේ, ඉන්දි­යාවේ මෙන්ම අප්‍රි­කාවේ ද ඔසු­වක් ලෙස භාවි­ත­යට ගැනෙන නිය­ඟලා විශේ­ෂ­යෙන් යොදා­ගෙන ඇත්තේ සමේ රෝග, පිළිකා, ලිංගික රෝග සහ කාන්තා­වන්ගේ රෝග වෙනු­වෙනි. සර්ප විෂ, ගෝනුසු විෂ වැනි සත්ත්ව විෂ නැසි­ම­ටත්, කල්ගිය තුවාල හා උඳු­ගොව්වා කෑම සඳ­හාත් බාහිර ආලේප වශ­යෙන් යොදා­ගැනේ. 

උද්භිද විද්‍යා­ත්ම­කව ද්වීලිං­ගික ශාක­යක් වන නිය­ඟලා අල­යෙහි ස්වරූ­පය අනුව වෙද­කමේ දී ස්ත්‍රී සහ පුරුෂ ලෙස වර්ග කිරී­ම­කට ලක් කෙරේ. පොත පතෙහි කියැ­වෙන්නේ ස්ත්‍රී අලය වට­කුරු හැඩ­යක් ගන්නා අතර පිරිමි අලය නඟු­ලක හැඩය ගන්නා බවය.

කෙසේ වෙතත් නිය­ඟලා අල ඖෂධ සඳහා යොදා ගන්නේ එහි ඇති විෂ මරා දමා ය. ඒ සඳහා හොඳින් සෝදා පෙති කපා ගත් නිය­ඟලා අල ගව මූත්‍රවල විසි හතර පැයක් බහා තබා පසුව උණු­ව­තු­රෙන් සෝදා, වේළා ගත යුතු බව ද කියැවේ. 

කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රි­තව දක්නට ලැබෙන නිය­ඟලා ශාකය විශේ­ෂ­යෙන් පුත්ත­ලම, මන්නා­රම වැනි ප්‍රදේ­ශ­වල බහු­ලව හඳු­නා­ගත හැකියි. සංස්කෘත බසින් ශක්‍ර­පුස්පී, අග්නි­ජිහ්වා, විශල්‍යා, පුෂ්ප­සෞ­රහා, සිරි­දිස්තා, ශ්‍රක්‍ර­පුෂ්පා ආදී නම්ව­ලින් හැඳින්වේ.

ආරෝ­හන ශාක ගණ­යෙ­හිලා සැල­කෙන මෙය Colchicaceae කුල­යට අයත් වන බහු­වා­ර්ෂික වැලකි. පොළො­වෙහි හෝ ආධා­රක ශාක­යක් මත මීටර් 4 – 5 පමණ දිගට වර්ධ­නය වේ. පළ­ලින් සෙ.මී. 5ක් පමණ වන මෙම ශාකයේ පත්‍ර සෙ.මී. 15ක පමණ දිගක් ගනී.

කෙළ­වර තීව්‍ර වන මෙම ශාක පත්‍ර­වල කෙළ­වර පහු­රක ආකා­ර­යට නිම වී තිබීම ද විශේ­ෂ­ත්ව­යකි. නිය­ඟලා අප්‍රි­කා­වට හා ආසි­යා­වට ආවේ­ණික ශාක­යක් වන අතර ඉතා දැකු­ම්කලු නිය­ඟලා මල සිම්බාබ්වේ ජාතික පුෂ්පය ද වේ. නිය­ඟලා වැල්වල හට­ගන්නා රතු කහ තැඹිලි මිශ්‍ර මන­රම් පුෂ්පය රක්ත වර්ණ­යට හැරෙන්නේ මේරී­මත් සම­ඟය. 

මෙරට බොහෝ ප්‍රදේ­ශ­වල ‘නිය­ඟලා’ නැත­ හොත් ‘ලිය­න­ඟලා’ නමින් හැඳි­න්වෙන මෙම පුෂ්පය දැක­ගත හැකිය. ඉතා අලං­කාර නිය­ඟලා පුෂ්පය ආහා­ර­යට ගැනී­මෙන් මර­ණ­යට පත් විය හැකි අතර මල මෙන්ම මෙහි අල ද විෂ සහිත වේ. 

මුළු ශාකය පුරාම කොල්වි­සීන් නමැති ඇල්ක­ලො­යිඩ විෂ රසා­ය­නය පිරී පව­තින අතර නිය­ඟලා අල දවල් කාලයේ විෂ සහිත බව­ටත් නිය­ඟලා මල රාත්‍රී කාලයේ විෂ සහිත බව­ටත් ජන­ප්‍ර­වා­දයේ එන මතය සත්‍ය­යක් බව මේ වන විට පර්යේ­ෂ­ණ­ව­ලින් ද සනාථ වී තිබේ. 

කෙසේ වෙතත් නිය­ඟලා ශාකය සම්බ­න්ධ­යෙන් හඳු­නා­ගත හැකි යහ­පත් ප්‍රව­ණ­තා­වක් වනුයේ එම ශාකය වාණිජ ව වගා කිරීම ඇර­ඹී­මය. නිය­ඟලා වගා කිරීම සඳහා සුදුසු පරි­සර තත්ත්ව­යන් ඇත්තේ ශ්‍රී ලංකාව, අප්‍රි­කාව, ඉන්දි­යාව වැනි රට­ව­ලය.

නිය­ඟලා ශාකයේ ඇති ඖෂ­ධීය ගුණ භාවිත කර­මින් විදෙස් විනි­මය රට තුළට කැන්ද­විය හැකි ක්‍රමෝ­පා­යක් ලෙස නිය­ඟලා අප­න­ය­න­යට එම රට­වල් ක්‍රම­යෙන් මං පෙත් විවර කර­ග­නි­මින් සිටීම විශේ­ෂ­ත්ව­යකි. මහා පරි­මාණ වාණිජ වගා­වක් ලෙස නිය­ඟලා වගා කරන ඉන්දි­යා­නු­වන් එම ශාකයේ කොළ, අල සහ ඇට ඖෂධ ලෙස භාවි­ත­යට ගත හැකි වන පරිදි විශාල අස්වැ­න්නක් ලබා ගනී. 

අද වන විට ශ්‍රී ලංකාව තුළ නිය­ඟලා වැනි ඔසු භාවි­ත­යට නොගන්නා තර­මට දුරස්ව පැව­තිය ද  අප්‍රි­කාව සහ ඉන්දි­යාව තව­මත් නිය­ඟලා ඔසු­වක් ලෙස භාවිත කරයි. එසේ ම මේ වන විට බට­හිර වෙද­කම සඳහා ඔසු නිප­ද­වී­මට ද නිය­ඟලා යොදා­ගැ­නීම විශේ­ෂ­ත්ව­යකි.

බට­හිර රට­වල් නිය­ඟලා විසි­තුරු ශාක­යක් ලෙස මෙන්ම කැපුම් මල් කර්මා­න්තය සඳහා ද යොදා ගන්නා අතර ඒ වෙනු­වෙන්ම වැඩි දියුණු කළ ප්‍රභේද ඔවුන් සතුය. විදෙස් රට­වල නිය­ඟලා මල් විවාහ උත්ස­ව­ව­ලදි මනා­ලි­යන් හැඩ­ගැ­න්වී­මේදී, මල් කළඹ සැක­සී­මේදී, උත්සව ශාලා අලං­කාර කිරී­මේදී යොදාගැනීමේ නව ප්‍රව­ණ­තා­වක් ද හඳු­නා­ගත හැකිය.  

මෙයා­කා­ර­යෙන් බලන කල මෙරට කෘෂි­ක­ර්මා­න්තයේ නව ප්‍රබෝ­ධ­යක් ඇති වෙමින් පව­තින මේ යුග­යේදී ලඳු කැලෑ ගානේ පිපී පිපී පරව යන සොබා අසිරි සපිරි නිය­ඟලා මල­ටත් නිය­ඟලා ශාකයේ ඖෂ­ධීය ගුණ සමු­දා­ය­ටත් වාණිජ වටි­නා­ක­මක් එක් කිරී­මට අපට ද අව­ස්ථාව උදා වී තිබේ. එහෙ­යින් නිය­ඟලා වාණි­ජව වගා කිරීමේ ව්‍යාපෘති වැඩි දියුණු කිරීමේ සැල­සුම් සහ­ගත වැඩ­පි­ළි­වෙ­ළක අව­ශ්‍ය­තාව අප විසින් ද නොප­මාව හඳු­නා­ගත යුතු ය.

කාංචනා සිරි­ව­ර්ධන

නව අදහස දක්වන්න