ගැබ්බර මී එළදෙනුන් ඇතුළුව මීගවයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධි අන්දමින් කහටගස්දිලිය පොලිස්වසමේ සිට අක්කරයපත්තුව ප්‍රදේශයට මස් පිණිස ප්‍රවාහනය කිරීමට සූදානම්වු මුස්ලිම් ජාතිකයන් පස් දෙනකු මීගවයන් 20 දෙනකු සතුන් ප්‍රවාහනය සඳහා යොදාගත් විශාල ප්‍රමාණයේ ලොරි රථයක් ඇතුළු උපකරණ හා ව්‍යාජ ලේඛණ සමඟ ඊයේ(15දා)අලුයම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරුමැද පළාතභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජීව වෙදමුල්ල හා පොලිස් අධිකාරි 1 කංචන ගොඩකුඹුර යන මහත්වරුන්ගේ උපදෙස්මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.එස්.අරුණ ශාන්ත මහතා ඇතුළු නිලධාරින් පිරිස විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන සතුන් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදෙන බලපත්‍ර පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ ඔවුන් සතුවූ බලපත්‍ර සියල්ල ව්‍යාජ බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි.සැකකරුවන් විසින් ව්‍යාජ බලපත්‍ර සකසා සත්ව හිංසාව සිදුවන අන්දමින් මීගවයින් මී වැස්සියන් ප්‍රවාහනය කිරීම බලපත්‍ර නොමැතිව මී වැස්සියන් ප්‍රවාහනය කිරීම බලපත්‍ර නීති උල්ලංඝණය කිරීම කූඨ ලේඛණ සැකසීම ලියාපදිංචිය නොමැතිව ප්‍රවාහනය පශු වෛද්‍ය සහතික ප්‍රවාහන බලපත්‍ර කිසිවක් නොමැතිවීම සතුන් ලියාපදිංචි කිරීම සඳහා කණට පළඳන ප්ලාස්ටික් ටැග් 50ක් හා ඊට යොදාගන්නා මැෂිමක් නීතිවිරෝධිව භාවිතා කිරීම යන චෝදනාවන්ට අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
සැකකරුවන් ලොරි රථයට පටවා තිබූ සතුන් කිරි ගොවීන්ගෙන් සොරකම්කළ සතුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරුවන් කාලාන්තරයක් තිස්සේ මීගවයන් මස් පිණිස රාත්‍රී කාලයේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.අත්අඩංගුවටගත් සතුන් අතර මී එළදෙනුන් පහක් සමග මීගව පැටවුන් ඇතුළු ගවයන් 15ක් සිටි බවත් එක් එළදෙනක පැටවුන් බිහිකිරීමට සිටිබවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් මීගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව පවසන පොලිසිය ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්ථා කරන බව පවසයි.අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් වයස අවුරුදු 40-50 අතරේ පුද්ගලයන් වන අතර ඔවුන් මිහින්තලය කනදරා කටුකැලියාව නව නගරය නාච්චාදූව දෙමටවැව තිරප්පනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.ඔවුන් ඊයේ (15දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම වැටලීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.සී රත්නායක පොලිස් සැරයන්වරුන් වන 24410 රළපනාව 36339 අජිත් 37057 නිෂාන්ත පොලිස් කොස්තාපල්වරුන් වන 48494 ජයකොඩි 61364 කරුණාරත්න 61274 වැල්ලගිරිය යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.
අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසුරිය
නව අදහස දක්වන්න