අඛණ්ඩව වසර තුනක් සිය වත්කම් බැරකම් වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් නොකිරීමේ අල්ලස් නඩුවට අදාළව, දැනට මරණ දඬුවම විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට බරපතළ රෝගී තත්ත්වයක් තිබේ නම් බන්ධනාගාර රෝහලේ රඳවාගෙන සිටීමට හේතුව හා සැකකරු වහාම කොළඹ ජාතික රෝහලේ ස්නායු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (26) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.
නඩුව ඊයේ (26) යළි කැඳවූ අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව දන්වමින් බන්ධනාගාරය විසින් මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
සැකකරු අසනීපව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු ඉදිරිපත් කිරීමට අපොහොසත් බව දන්වමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
නව අදහස දක්වන්න