සුමන සමන් දෙවියන්ගේ වාහනයට උරදුන් මෙන්ම දළදා මාලිගයේ කරඬුව රැගෙන යාමට වාසනාව ලත් ඇත් පවුලේ ඇතුන්ගේ දළයෙන් ගජමුතු බිහිවේ. ගජමුතු ඉතා වටිනා මුතු වර්ගයකි. ඒනිසාම පුරාණයේ සතුවූයේ රජවරු, සිටුවරු හා මහා ව්‍යාපාර හිමි ධනවතුන්ටය. අද ද එය එසේමය. මන්ද මෙම ගජමුතු ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අළෙවි වේ.
මෙම ගජමුතු ළඟ තබාගැනීමෙන්, ස්පර්ශ කිරීමෙන් එයට වැදුම් පිදුම් කිරීමෙන්, ගෞරව කිරීමෙන් සියලු යස ඉසුරු, සැප සම්පත් ධනය ආදිය මෙන්ම භූමි සම්පත්, යාන වාහන වැනි මෙකී නොකී බොහෝ දේ ලැබෙන බව පුරාණයේ මෙන්ම අද ද පිළිගැනීමයි. ගජමුතු සමීපයේ තබා ගැනීමෙන් උසස් තනතුරු ගරුබුහුමන් ආදිය නොවඩුව ලැබෙන බව තවත් මතයකි.
මේවා සතර විධ මංගල වස්තූන් ගනයට වැටේ. සතර විධ මංගල වස්තූන් ගනයට වැටෙන ධාතූන්වහන්සේ, රතු මැණික්, දක්ෂිනාවෘත වාලම්පුරිය හා ගජමුතු යනසතර වර්ගය ළඟතබා ගත් පුද්ගලයාට හතර මහා නිදානය පහළ වන බව පූර්වාචාරීන්ගේ මතයයි.
දළයේ ගජමුතු සහිත ඇතා පා තැබීමේදී රිදී සීනු හඬක් පැන නැගී එයින් එම ඇතා ළඟ ගජමුතු ඇතැයි සොයාගත හැක. එම ඇතා ස්වභාවික තත්ත්ව යටතේ මිය ගිය පසු දළය තුළ ඇති ගජ මුතුව ලබා ගන්නවා විනා එම සතා මරා ගජමුතුව ගැනීමෙන් විශාල අකුසල කර්මයක් සිදුවේ. එපමණක්ද නොව ලැබෙන ගජමුතුව බලසම්පන්න භාවයෙන්ද අඩුවනු ඇත. ගජමුතු සහිත ඇතා මහා භාග්‍යවන්ත, පුන්‍යවන්ත සතෙකි. එවැනි සතෙකු ඝාතනය කිරීමෙන් දෙවියන්ගේ කෝපය මිස ආශිර්වාදය නොලැබෙනු ඇතත. ඒනිසා මහා ධනස්කන්ධයක් වැයකර මිලදී ගන්නා ගජමුතුව ඇතාගෙන් ලබාගත් ආකාරය ගැනද සැළකිලිමත් වන්න.
සතෙකුගෙන් ලබා ගන්නා වටිනාම වස්තුව ලෙස ගජමුතු සඳහන් කළ හැක. ගජමුතු වල ඇති බලයෙන් මාරාන්තික ග්‍රහ අපලද දුරු වී යනු ඇත. නමුත් මෙම ගජ මුතුවල සත්‍ය ගජමුතු හා ව්‍යාජ ගජමුතු ලෙස වර්ග දෙකක් ඇත. ව්‍යාජ ගජමුතුව දීප්තියෙන් තොරය . බිම වැටුණු විගස පලුදු වී හෝ කැඩී යනු ඇත. නමුත් සත්‍ය ගජමුතුව කොන්ක්‍රීට් සහිත පොළොවක බිම ගැසුවද කැඩී යාමත් හෝ පලුදු වීමක් සිදු නොවේ.
රබර් බෝලයක් බිම ගැසු ලෙස නැවත උඩට විසිවේ. අව්‍යාජ ගජමුතුව ඉතා දීප්තිමත්ය. එය ඇත් දලය කට හිමි රන්වන්පාටින් දළයේ ඔපමට්ටම් කළ රවුම් හෝ ඕවල් හැඩයෙන් යුතු මුතුවකි. මෙය කුඩාම ප්‍රමාණයේ සිට සාමාන්‍ය බිත්තරයක ප්‍රමාණය දක්වා ඇත. මෙය දෙස හොඳින් බැලූවිට කුඩාවට ඇතෙකුගේ මුහුණක් එහි ගැබ්බ ඇති බව පෙනේ. ගජමුතුව ඉර එලියට හෝ විදුලිය එළියට අල්ලා බැලූ වි එම ගජමුතුව තුළ ලේපාටක් ගැබ් වී තිබීම දැකිය හැක.
ගජමුතු ළඟ තබා ගැනීමෙන් යස ඉසුරු, සෞභාග්‍යය ලැබෙන බව සත්‍යයක් වුවද, එය රෙදි කඩකින් ඔතා පෙට්ටගමක් තුළ තැබීමෙන් කිසිදු වාසියක් අත් නොවේ. ගජමුතුවට අවශ්‍ය වාතාවත් නොකිරීමෙන් එහි ඇති බලයද අඩු වී යනු ඇත. ගජමුතුව නිතර පිරිමැදිය යුතුය. එමිචී තමාට අවශ්‍ය ප්‍රාර්ථනය සිහිකරමින් පිරිමැදීම කළ යුතුයි. දිනපතාම හෝ කෙම්මුර දවස් වන බදාදා, සෙනසුරාදා, වැනි දිනක ගජ මතුව කහවතුරෙන් මෙන්ම සුවද පැනින්ද සෝයා සුවඳ දුම් අල්ලා පුලුං ඇතුරූ බදුනක තබා තමාට යස ඉසුරු ලැබේවායි සිතිය යුතුයි.
සෞභාග්‍ය යස ඉසුරු ගෙන දෙන ගජමුතුවක් නිවැරදි නිත්‍යානුකූල ආකාරයට රැගෙන ඔබත් ඊට වතාවක් සිදු කරන්න. එවිට ඔබේ ජීවිතයටත් සිතූ පැතූ සම්පත් ගලාඑනු නියතය.
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
නව අදහස දක්වන්න