අමෙරිකාව-මෙක්සිකෝව අතර මරිජුවානා ජාවාරමක් | දිනමිණ

අමෙරිකාව-මෙක්සිකෝව අතර මරිජුවානා ජාවාරමක්

මරිජුවානා ටොන් 12ක් සමඟ 22 දෙනෙකු අමෙරිකාව සහ මෙක්සිකෝව දේශසීමාවේ දිගම උමං මගක් සොයා ගනිමින් අත්අඩංගුවට ගෙන ඇත. අඩි 2400 පමණ දිග අඩි 30 ගැඹුරු මෙම උමං මාර්ගය සැන් ඩියාගෝ සහ මෙක්සිකෝවේ ටිජුආනා සම්බන්ධ කරමින් ඉදි කර ඇත.

ඒ අනුව සැන් ඩියාගෝහි දී හය දෙනෙක්ද මෙක්සිකෝවේදී 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරිජුවානා ටොන් 2ක් අමෙරිකාවේ දී ද මෙක්සිකෝවේදී ටොන් 10ක්ද සමඟිනි.

සැන් ඩියාගෝ මෙන්ම ටිජුආනාහි පස සැහැල්ලු උපකරණ වලින් වුව හෑරිය හැකි එතරම් ශක්තිමත් නැති පසක් ඇති ප්‍රදේශ වේ. එසේම දෙපසෙහිම ඇති ගබඩා අංගන නිසා නිතරම බර වාහන එහා මෙහා යාම සිදු වේ. මේ කරුණු වාසියට ගන්නා ජාවාරම්කරුවන් රහසිගත ලෙස මෙවන් දැවැන්ත ජාවාරම්වල නිරත වීම සුලබ කරුණක් වී ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අමතරව මේ පුද්ගලයින් විවිධ අපරාධවලට ද සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

නව අදහස දක්වන්න