සිරියාවේ අයි.එස් ඉලක්කවලට ප්‍රහාර | දිනමිණ

සිරියාවේ අයි.එස් ඉලක්කවලට ප්‍රහාර

ඒ.එෆ්.පි

සිරියාවේ අයි.එස් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව රුසියානු හමුදාව විසින් හඳුනාගත් ස්ථාන 11ක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාර සියල්ලම සාර්ථක වී ඇති බවට රුසියානු ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාව අවට මුහුදු තීරයේ නවතා තිබෙන යුද නෞකාවල සිට මේ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන අතර කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් දැනට සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත .

නව අදහස දක්වන්න